“ජගත් මාමා කිව්ව නිසා මම බොරු කිව්වා” – තරුණ භික්ෂුව මිනුවන්ගොඩ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සත්‍යය හෙළි කරයි!

මිනුවන්ගොඩ ප්‍රචණ්ඩත්වය
පාස්කු ප්‍රහාරයට පසුව 2019 මැයි මාසයේ 13 වන දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා අසත්‍ය සිදුවීමක් මත සිදු වූ එකක් බව එම සිද්ධියට මුහුණ දුන් තරුණ භික්ෂුව (පුහුණු ශ්‍රේණිය) ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා ඇත.
මිනුවන්ගොඩ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි අනුව භික්ෂූව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දුන්හ. එම හිමිගේ සාක්ෂි තුළින් විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි තවදුරටත් සනාථ විය.
“මට පහර දුන්නයි කියලා විහාරයට ආපු ජගත් මාමා කියන්න කියපු නිසයි මම ඒ විදිහට කිව්වේ“ යනුවෙන් සාක්ෂි දෙමින් භික්ෂූව ප්‍රකාශ කර සිටියහ.
මිනුවන්ගොඩ පොල්වත්ත ගම්මානයේ විහාරස්ථානයක වසන තරුණ භික්ෂූවකට මුස්ලිම් ගම්මානයක් වන ගල්ඔලුව ප්‍රදේශයෙහි පදිංචිකරුවකු විසින් පහර දී ඇති බවට අසත්‍ය තොරතුරක් පතුරවන ලදී. මෙයින් මිනුවන්ගොඩ හි ප්‍රචණ්ඩත්වය පුපුරා ගොස් ඇති බව සාක්ෂිකරුවන් තුළින් පැහැදිලි විය.
-metronews & virakesari