හිස්බුල්ලාගේ පුනානි බැටික්ලෝ කැම්පස් ගැන විගණකාධිපතිගේ අනාවරණය

හිස්බුල්ලාගේ පුනානි බැටික්ලෝ කැම්පස්
මතභේදයට තුඩුදුන් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ පුනානි – බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම (පුනානි නිරෝධායන මධ්‍යස්ථාන) ආරම්භ කර පවත්වා ගෙනයාමේදී අනීතික ක්‍රියා රැසක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා විසින් මුල්වරට අනාවරණය කරගෙන තිබේ.
ඒ එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනයකින් පසුවය.
එහි ඇතැම් අනීතික ක්‍රියා නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට ද විගණන වාර්තාවෙන් නිර්දේශ කර තිබීම විශේෂ සිදුවීමකි.
එමෙන්ම මෙම ආයතනය ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් කාත්තන්කුඩි නගර සභාවට අහිමි වූ රුපියල් ලක්ෂ 85කට ආසන්න මුදල නැවත අයකර ගැනීමට ද විගණකාධිපතිවරයා සිය විශේෂ විගණනයෙන් නිර්දේශ කර ඇත.