දෙමළ තරුණයින් හමුදාවට බැඳෙන්න ඉදිරිපත් විය යුතුයි – යාපනය, ප්‍රධාන අණ දෙන නිලධාරි

දෙමළ තරුණයින් හමුදාවට බැඳෙන්න ඉදිරිපත් විය යුතුයි - යාපනය, ප්‍රධාන අණ දෙන නිලධාරි

දෙමළ තරුණයින් හමුදාවට බැඳෙන්න ඉදිරිපත් විය යුතුයි - යාපනය, ප්‍රධාන අණ දෙන නිලධාරි

යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා දෙමළ තරුණයින් හමුදාවට බැඳිය යුතු බව යාපනය දිස්ත්‍රික් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මහතා පැවසීය.

තරුණ තරුණියන් යුද හමුදාවට බැඳීමේ ජාතික වැඩ සටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් බඳවා ගැනීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා විශේෂ රැස්වීමක් අඟහරුවාදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, දිස්ත්‍රික් රජයේ නියෝජිත ගනපතිපිල්ලෙයි මහේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම රැස්වීමට යාපනය දිස්ත්‍රික් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, යාපනය දිස්ත්‍රික් අතිරේක දිසාපති ඇතුළු රජයේ සහ හමුදා නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

රැස්වීම අමතමින් යාපනය දිස්ත්‍රික් අණ දෙන නිලධාරී පවසා සිටියේ,

තරුණයන් හමුදාවට බඳවා ගැනීමේ ජාතික වැඩ සටහනට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් බඳවා ගැනීම පැහැදිලි කිරීම සඳහා අපි රැස්වී සිටින්නෙමු.

විශේෂයෙන් හමුදා රැකියා 90 ක් සඳහා අයදුම්පත් කැඳවා තියෙනවා. ආණ්ඩුකාරවරයා සහ දිසාපතිවරයා සමඟ සාකච්ඡා කර ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් හට බඳවා ගැනීම සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමට තමයි අපි අද රැස්වෙලා ඉන්නේ.

විශේෂයෙන් යාපනයේ සහ නැගෙනහිර පළාතේ සිටින අතළොස්සක් පමණක් දැනට හමුදාවේ සේවය කරති. නමුත් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් කිසිවෙකුට හමුදාවට බැඳීමට කිසිදු බාධාවක් නොමැත.අපේ හමුදාපති ද මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරයි.

වර්තමාන කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් බොහෝ යෞවනයන් රැකියාවක් නොමැතිව එහෙ මෙහෙ යමින් කාලෙ ගත කරන එක දැකගත හැකිය. පෞද්ගලික අංශයේ සේවය කළ සමහර තරුණ තරුණියන්ට කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී තිබීම සැලකිය යුතු කරුණක් .

හොඳ අවස්ථාවක් ප්‍රයෝජනයට ගන්නා ලෙස අපි සියලු තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු.

මෙම හමුදා රැකියාව වෙනත් ඕනෑම රැකියාවකට වඩා ඉතා සුවිශේෂී එකක් වන අතර විශේෂයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය සහ අනෙකුත් පහසුකම් තියෙනවා. රජයේ අනෙකුත් රැකියා හා සසඳන විට වඩා හොඳ රැකියාවක්.

හමුදාවට බැඳීමෙන් ඔබේ අනාගතය පොහොසත් කළ හැකිය. යාපනයේ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයට අදාල පුරප්පාඩු සඳහා එක්වන ලෙස මම විශේෂයෙන් ඉල්ලා සිටිමි.

මෙයට හේතුව යාපනය අර්ධද්වීපයේ කෘෂිකර්මාන්තය දියුණුව සඳහා තරුණයින්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ වගේම මේසන්, වඩු, කාර්මික, විදුලි යන ක්ෂේත්‍ර සඳහා වන අයදුම්පත් ද කැඳවා තියෙනවා.

ග්‍රාම නිලධරින් තම ගම්වලට ගොස් හමුදාවට බඳවා ගැනීම සම්බන්ධ විස්තර ජනතාවට පැහැදිලි කළ යුතු අතර එමඟින් තරුණ තරුණියන්ට නිසි අවබෝධයක් ලබා ගත හැකිය. එබැවින් ග්‍රාම නිලධාරින්ට මේ කාරණය සැලකිල්ලට ගැනීමට මෙය හොඳ අවස්ථාවක්.

වර්තමාන කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු දෙනා එක්ව කටයුතු කරමින් සිටිති. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය අංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව කොරෝනා පාලනය කර ඇත්තෙමු.

ඒ වගේම මම තවත් එක් දෙයක් පැවසීමට කැමැත්තෙමි. හමුදාවට බඳවා ගැනීම් පිළිබඳව බොහෝ අය මා සමඟ දුරකථනයෙන් කතා කරනවා. ඔවුන්ට ද අයදුම්පත පුරවා හමුදාවට බැඳීමට හැකියි.

මා හමුදාවට බැඳෙන විට මගේ උපදේශකයා වූයේ මහේන්ද්‍රන් නම් කපිතාන් ශ්‍රේණියේ දෙමළ නිලධාරියෙකි. එබැවින් අපි මේ සියල්ල ආදර්ශයක් ලෙස ගත යුතු අතර අපේ රට සංවර්ධනය කිරීමට හා ගොඩනැගීමට ආදර්ශයක් සැපයිය යුතුය.

අන් රටවල මෙන් අපේ රට සංවර්ධනය කිරීමට අප සැවොම ඉදිරිපත් විය යුතුය. පසුගිය අවුරුදු 30 ක යුද්ධය නිසා අප අත්විඳි දේ තවදුරටත් අපට අමතක නොවේ. අනෙකුත් ප්‍රදේශ මෙන් නොව, යාපනය අර්ධද්වීපයේ කොරෝනා තත්ත්වය පාලනය කර ඇති අතර එයට හමුදාව සහයෝගයෙන් කටයුතු කරයි.

රැස්වීම අමතමින් යාපනය දිස්ත්‍රික් දිසාපති මහේශන්,

මෙම අවස්ථාව තරුණයන්ට හොඳ අවස්ථාවක් ලෙස සැලකේ. එබැවින්, ප්‍රාදේශීය මට්ටමින් ග්‍රාම නිලධරීන් මෙම බඳවා ගැනීම පිළිබඳව මහජනතාවට පැහැදිලි කිරීමෙන් තරුණයින්ට රැකියා අවස්ථා ලබා දිය හැකිය. උතුරු පළාතේ, විශේෂයෙන් යාපනයේ රැකියා ගැටලුව විශාල ගැටළුවක් බව ඔහු පැවසීය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *