අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මුහුණදී සිටින ඛේදවාචක හතර, අනුර මූනටම කියයි

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක

ඩලස් අලහප්පෙරුම විදුලි බල අමාත්‍යවරයා ඛේදවාචක හතරකට මුහුණදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශවල අයවැය විවාදයට එක්වෙමිණි.

“ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සහ අප අතර බොහෝ වෙනස්කම් වගේම සමානකම් තිබෙනවා. අද ඔහුට මේ ඉරණම අත්වී ඇත්තේ ඔහු හා අප අතර ඇති සමානකම නිසයි. ඩලස්ට මෙවැනි දෙයක් වීමට හේතු තුනක් බලපා තියෙනවා. ඒවා නම් ඔහු මාතර ඉපදීම, 50 දශකයේ අග උපන් පරපුරට අයත්වීම, දූෂිත වලල්ලේ කොටස්කරුවෙක් නොවීම සහ ඔහුගේ ඔහුගේම වූ සංකල්ප තිබීම. රාජපක්ෂ පවුලේ දූෂිත පවුලේ සමීපතමයන්ට හොඳ අමාත්‍යාංශ ලැබී තිබෙනවා. විදුලි බල මණඩලයේ සභාපති කරන්න ඕන වැඩේ තමයි ඩලස්ට ඇමතිවරයෙක් හැටියට පවරලා තියෙන්නේ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *