ඉන්දීය ආරක්ෂක උපදේශක ගැන ප්‍රශ්න අහන්න ස්ථාවර නියෝගවල ඉඩක් නෑ – කතානායක

මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට අදාළ කතානායකගේ ප්‍රතිචාරය මුදල් ඇමතිට
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්ගේ ලංකා සංචාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට ඒ සඳහා අවස්ථාව දිය නොහැකි බව කතානායක මහින්ද යාපා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් විමසා සිටියේ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා පැමිණීම හා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම අතර සම්බන්ධයක් පවතීද යන්නය.
පාර්ලිමේන්තු මහලේකම්ගේ උපදෙස් අනුව කතානායකවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා ස්ථාවර නියෝගවල ඉඩක් නැති බවයි.