සුපිරි දකුණු කොරියානු BTS පොප් ගායක කණ්ඩායම පළමු වරට ග්‍රැමී සම්මානයක් සඳහා නිර්දේශ වෙයි

සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන BTS පළමු වරට ග්‍රැමී සම්මානයක් සඳහා නිර්දේශ වෙයි

සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන BTS පළමු වරට ග්‍රැමී සම්මානයක් සඳහා නිර්දේශ වෙයි

සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන BTS ග්‍රැමී සම්මානයක් සඳහා නිර්දේශ වූ ප්‍රථම කොරියානු පොප් ගායක කණ්ඩායම බවට පත්වීමට සමත් විය.

ඒ, ඔවුන්ගේ නවතම ගීතය වන ඩයිනමයිට්, හොඳම පොප් ගීත ඉදිරිපත් කිරීමට අදාළ සම්මානයට නිර්දේශ වීම හේතුවෙනි. මෙම සම්මානය සඳහා නිර්දේශ වූ සෙසු සුපිරි තරු අතර ලේඩි ගාගා සහ ටේලර් ස්විෆ්ට් ද වෙති. මෙය BTS දීර්ඝ කාලයක් පුරා මග බලා සිටි උත්කර්ෂවත් අවස්ථාවක් බව කොරියානු පොප් විචාරකයෝ පෙන්වා දෙති.

BTS ඉංග්‍රීසි බසින් ගැයූ ප්‍රථම ගීතය වන ඩයිනමයිට්, සති ගණනාවක් බිල් බෝර්ඩ් ගීත දර්ශකයේ ප්‍රමුඛස්ථානයේ පසුවිය. ග්‍රැමී සම්මාන උළෙලේ අකටයුතුකම් සිදුවන බවට සුපිරි කැනේඩියානු පොප් ගායක ද වීක්එන්ඩ් චෝදනා කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙවර සම්මාන උළෙලේදී ඔහු කිසිඳු සම්මානයක් සඳහා නිර්දේශ නොවීම සියලු දෙනා පුදුමයට පත්කිරීමට හේතුවූ බවයි. ට්විටර් වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කළ ද වීක්එන්ඩ්, ග්‍රැමී සම්මාන උළෙල තමන්ට තම රසිකයන්ට සහ සංගීත ක්ෂේත්‍රයට මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ද වීක්එන්ඩ් මේ වසරේ නිකුත් කළ ගීත ඇල්බමය සුවිශාල වාණිජමය සාර්ථකත්වයක් ලැබූ අතර එය විචාරකයන්ගේ ද ඇගයුමට ලක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *