බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පලා ගිය – මිය ගිය රැඳවියන් දෙදෙනාටත් කොරෝනා

0
බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පලා ගිය - මිය ගිය රැඳවියන් දෙදෙනාටත් කොරෝනා

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පලා ගිය - මිය ගිය රැඳවියන් දෙදෙනාටත් කොරෝනා

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැඳවියෙකුට හා බන්ධනාගාර තාප්පයෙන් ඇද වැටී මරණයට පත්වූ රැඳවියාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුව තිබේ.

බන්ධනාගාරයෙන් පලාගොස් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී සොයා ගන්නා ලද රැඳවියාගේ පීසීආර් පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.

මේ වන විට බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 167 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

කුන්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේ නිරෝධායන වෙමින් සිටින පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙන බව ඊයේ (19) තහවුරුව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com