වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

නැගෙනහිර පර්යන්තය ගෙන කතාබහ තව දුර යයි

නැගෙනහිර පර්යන්තය ගෙන කතාබහ තව දුර යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප‍්‍රකාශයට පත්කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට වරාය සේවය අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වරාය අධිකාරියේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව ඉකුත් දිනවල සදහන් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *