කෙන්යා මොම්බාසා වරාය චීනයට සින්න වෙන ලකුණු, චීන ණය උගුලේන් ගැලවෙන්න බැරිවෙයි

කෙන්යා මොම්බාසා වරාය චීනයට සින්න වෙන ලකුණු, චීන ණය උගුලේන් ගැලවෙන්න බැරිවෙයි
කෙන්යාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සදහා ගනු ලැබූ චීන ණය මුදල් යළි ගෙවාගත නොහැකි වීම හේතුවෙන් එරට පිහිටි මොම්බාසා වරාය චීනයට ලබා දීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත.
අදාළ දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා කෙන්යාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක ණය මුදලක් ලබා ගෙන තිබුණද අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවට මේ වනවිට පත්ව තිබේ.
මෙම ණය ප්‍රමාණය කෙන්යාව ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රමාණයෙන් 22%ක් බව වාර්තා වේ.
මේ ආකාරයටම චීනය හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ණය මුදල් සැපයූ අතර පසුව එම ණය ගෙවා ගත නොහැකි වීමෙන් අදාළ වරාය හම්බන්තොටට පවරා දීමට ලංකා රජයට සිදු විය.