ප‍්‍රශ්නය භූගත ජල මට්ටමනම්: භූගත ජල මට්ටම ඉතාම අඩු කැනඩාව,බ‍්‍රසීලය,රුසියාව වැනි රටවලත් කොරෝනා වැළදී මිය යන්නන් මිහිදන් කරයි – අධිකරණ ඇමති

අලි සබ්‍රිරිගේ වාහනේ හදිසි අලුත්වැඩියාවට ලක්ෂ 110ක්

අලි සබ්‍රිරිගේ වාහනේ හදිසි අලුත්වැඩියාවට ලක්ෂ 110ක්

කැනඩාව-බ‍්‍රසීලස- ආර්ජන්ටිනාව-නෙදර්ලන්තය සහ රුසියාව වැනි අපට වඩා අඩු ගැඹුරු මට්ටමකදී ජලය හමුවන රටවල් පවා කොරෝනා ආසාදිත වී මිය ගිය පුද්ගලයන් භූමදානය කරනවානම්, අප එසේ නොකරන්නේ ඇයි කියා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විමසා සිටියි.

සිය නිල ෆේස් බුක් පිටුව ඔස්සේ ඔහු මේ පැනය මතු කර තිබුණේ ය.

ලොව ප‍්‍රකට විද්‍යා සගරාවක්, කැනඩාව, බ‍්‍රසීලය, ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය සහ රුසියාව, ලෝකයේ ඉතා අඩු ගැඹුරු මට්ටමකදී ජලය හමුවන රටවල් ලෙස නම් කර තිබේ. ඒ නමුත්, ඒ සියළු රටවල්, කොරෝනා ආසාදනය වීමෙන් මිය යන මෘත දේහ භූමදානයට අවසර ලබා දී තිබේ.

ආගම හෝ විශ්වාසය මත නොව, විද්‍යාව පැත්තෙන් බැලූවත්, මුස්ලිම් ප‍්‍රජාවගේ ඉල්ලීම ඉවත දැමීමට හේතුවක් නැති බව යි ඔහු පවසන්නේ. ජාතිවාදී නොවී, තාර්කිකත්වය මත පදනම් වී මේ කාරණය දෙස බලන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

“ACCORDING TO SCIENCE MAGAZINE (ONE OF THE MOST PROMINENT SCIENTIFIC JOURNALS IN THE WORLD)CANADA, BRAZIL, ARGENTINA, NETHERLAND, AND RUSSIA ARE SOME OF THE COUNTRIES WITH THE LOWEST ‘WATER TABLE DEPTH’ IN THE WORLD, YET THEY ALL BURY COVID VICTIMS. IT’S NOT ABOUT RACE OR RELIGION, IT’S ABOUT SCIENCE. SCIENCE ALSO MENTAL HEALTH AND WELL-BEING OF THE CITIZEN AND TAKING EVERYONE OF THE CITIZENRY ALONG WITH IT, WITHOUT ISOLATING PART OF THEM GIVING THE IMPRESSION THEY DON’T MATTER, FOR WHATEVER THE REASON.LET’S BE REASONABLE, EMPATHETIC AND RATIONALE. ONE NEED NOT TO BE PERSONAL AND RACIAL IN REJECTING SOMEONE ELSE’S REQUEST AND AN OPINION.

P.S. PERSONALLY I WILL NOT BE SHUT DOWN WITH RACIST RANTS. I KNOW THE PAIN SOME OF THEM GO THROUGH. AT LEAST I HAVE THE SATISFACTION, I BROUGHT THEIR CONCERN TO THE AUTHORITIES”.

“ප‍්‍රශ්නය භූගත ජල මට්ටමනම්, භූගත ජල මට්ටම ඉතාම අඩු කැනඩාව-බ‍්‍රසීලය-රුසියාව වැනි රටවලත් කොරෝනා වැළදී මිය යන්නන් මිහිදන් කරයි.” අධිකරණ ඇමති අලි සබ්රි
“ප‍්‍රශ්නය භූගත ජල මට්ටමනම්, භූගත ජල මට්ටම ඉතාම අඩු කැනඩාව-බ‍්‍රසීලය-රුසියාව වැනි රටවලත් කොරෝනා වැළදී මිය යන්නන් මිහිදන් කරයි.” අධිකරණ ඇමති අලි සබ්රි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *