අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

අගමැති ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

අගමැති ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

සොළොස්මස්ථාන වලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් හා විශාලත්වයෙන් ප්‍රමුඛස්ථානය ගන්නා දීඝවාපී පුද බිමෙහි ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඊයේ (11) දින එක්විය.

ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව පිරිත් සඡ්ජායනා මධ්‍යයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල තැබීය.

මෙම ඓතිහාසික අවස්ථාවේදී දීඝවාපී රාජමහා විහාරාධිපති, අම්පාර මඩකළපුවදෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සාම ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී, මුළු දිවයිනටම සාම විනිසුරු, ශාස්ත්‍රපති පූජ්‍ය මහඔය සෝභිත නාහිමියෝ අනුශාසනවක් පැවත්වූහ.

යුධමය වතාවරණය හමුවේ ජන ශූණ්‍ය වෙමින්, සංවර්ධනය අඩාල වූ උතුරු හා නැගෙනහිර සීඝ්‍ර සංවර්ධනය යථාවත් කිරීමට ගරු අග්‍රාමාත්‍ය, පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් කටයුතු කළ බව උන්වහන්සේ පැවසූහ.

දීඝවාපී පුදබිම ගැසට් කිරීම මඟින් එය සංරක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යතුමා කටයුතු කළ බව සිහිපත් කළ සෝභිත නාහිමියෝ යුධ ගිනි නිවා රට එක්සේසත් කළ ගරු අග්‍රාමාත්‍යතුමාගේ එළඹෙන උපන් දිනයට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළහ.

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වය සහ සිවිල් ආරක්‍ෂක බලකායේ පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමට අනුව වසර දෙකක කාල සීමාවක් තුළ චෛත්‍යයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂිතය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුත්තට සමගාමීව චෛත්‍ය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් හට නැවතීම සඳහා විශ්‍රාම ශාලා ගොඩනැගිල්ලක්ද ඉදිකිරීමට නැ‍ගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු කාර්යසාධක බලකාය අදහස් කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

පූජා භුමිය අලංකාරවත් කිරීම සඳහා ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය. එය ආරම්භ කරමින් ගරු අග්‍රමාත්‍යතුමා නා පැළයක් රෝපණය කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *