දෙහිවල බෝම්බකරු විනාඩි 45 කට පෙරත් බුද්ධි අංශ නිලධාරියෙකුට කතා කරලා! වසරකක් ගතවී ඇතත් CIDය නිහඩයි

දෙහිවල බෝම්බකරු විනාඩි 45 කට පෙරත් බුද්ධි අංශ නිලධාරියෙකුට කතා කරලා! වසරකට අධික කාලයක් ගතවී ඇතත් CIDය නිහඩයි

දෙහිවල බෝම්බකරු විනාඩි 45 කට පෙරත් බුද්ධි අංශ නිලධාරියෙකුට කතා කරලා! වසරකට අධික කාලයක් ගතවී ඇතත් CIDය නිහඩයි

පාස්කු ප‍්‍රහාරය සිදුවීමට විනාඩි 45 කට පෙර දෙහිවල බෝම්බකරු වූ ලතීප් ජමිල් නැමැත්තා සමග රහස් සාකච්ඡාවක් පැවැත්වූ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මෙතෙක් ක‍්‍රියාකර නැත. මේ බරපතළ තත්ත්වය පිලිබදව මේ වනවිට දේශපාලන කේෂ්ත්‍රෙය් දැඩි අවධානයට යොමු වී තිබේ.

මේ අතර පාස්කු ඉරුදින දෙහිවල ලැගුම්හලකදී බෝම්බයක් පුපුරවා ගත් ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ජමීල් මොහොමඞ් නමැති බෝම්බකරු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් වසර දෙකකට පෙර සිට දැන සිටි බවත් දෙහිවල බෝම්බය පිපිරීමට විනාදි 5කට පෙර මෙම බොම්බකරු රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියෙකු සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවත් පසුගිය සැප්තැම්බර් මස 24වන දින පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද හෙළිදරව් කරන ලදි.

මෙම රහස් සාකච්ඡාවෙන් පසු දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයට ගිය බෝම්බකරු බෝම්බය ගලවා ගැනීමට යෑමේදී පුපුරාගොස් තිබේ.

මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව බෝම්බකරු තුර්කියේ සංචාරයක යෙදී මෙරටට පැමිණි අයකු බවට හෙළි වී ඇත. ලතීප් ජමිල් නමැති මෙම බෝම්බකරු ගැන රහස් පොලිසියද දැන සිටි බව රජයට හෙළි වී ඇත.

මීට අමතරව මෙම දෙහිවල ලැගුම්හලකදී බෝම්බයක් පුපුරවා ගත් ලතීප් ජමිල් නමැති බෝම්බකරු සම්බන්ධයෙන් ත‍්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයේ ඉහළ නිලධාරියෙක්, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබේ.

ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේ 2017 වසරේ දෙසැම්බර් මස 09 වනදා එවක පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර අත්සන් තැබූ බුද්ධි තොරතුරක් සිය කොට්ඨාශයට ලැබුණු බවයි. දෙහිවල ලැගුම්හලේ බෝම්බය පුපුරවා ගත් ලතීප් ජමිල් නමැති බෝම්බකරු ශරීයා නීතිය කි‍්‍රයාත්මක වන ඉස්ලාම් රාජ්‍යයක ජීවත්වීම තරයේ විශ්වාස කළ අයෙකු බව ද එහි සදහන් කර තිබිණි.

මෙම දෙහිවල බෝම්බකරුගෙන් ත‍්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය 2018 වසරේ අපේ‍්‍රල් මස 12 වනදා ප‍්‍රකාශයක් සටහන් කරගෙන පසුව ඒ පිළිබඳ පොලිස්පතිවරයාට ද දන්වා යවා තිබූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ. ලතීප් ජමිල් පිළිබඳ තොරතුරු ඇතුළත් අවසන් වාර්තාව පාස්කු ඉරුදින ප‍්‍රහාරය එල්ල වීමට දින කිහිපයකට පෙර, එනම් 2019 වසරේ අපේ‍්‍රල් මස 08 වනදා පොලිස්පති වෙත යොමු කළ බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

කරුණු මෙසේ වාර්තා වුවද පාස්කු ප්‍රහාරයට වසරකට අධික කාලයක් ගත වී ඇතත් දෙහිවල බෝම්බකරු හමු වූ බුද්ධි නිලධාරියා ගැන විමර්ශන පැවැත්වීමට රහස් පොලිසිය මේවනතෙක් ක‍්‍රියා කර නැත. මෙම කරුණු අනුව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්දයෙන් මේ වනවිට බරපතල සැකයක් නිර්මාණය වී ඇති බව පෙනී යයි.

-CXN-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *