විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 90 දෙනෙකු කොරෝනා වසංගතයෙන් මිය යයි

ජනතාවගේ නොසැලකිල්ල නිසා කොරෝ්නා අධි අවදානම් කලාප 47ක්

ජනතාවගේ නොසැලකිල්ල නිසා කොරෝ්නා අධි අවදානම් කලාප 47ක්

ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන්, ශ්‍රී ලාංකිකයන් 90 දෙනෙකු , විදේශයන්හි මිය ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සවුදි අරාබියේ 31 දෙනෙකු ද , කුවේට්හි 20 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි 10 දෙනෙකු ද , කටාර්හි 06 දෙනෙකු ද , එක්සත් රාජධානියෙහි 05 දෙනෙකු ද මේ වන විට ජීවිතක්ෂයට පත් වී ඇත.

එමෙන්ම, ඕමාන්, ඇමෙරිකාව, කැනඩාව යන රටවල්වල 04 දෙනෙකු බැඟින් 12 දෙනෙකු ද , බහරේන්, ජර්මනිය යන රටවල්වල දෙදෙනෙකු බැඟින් 04 දෙනෙකු ද , ඊශ්‍රායිලය සහ ඉතාලිය යන රටවල්වල එක් අයෙකු බැඟින් ද මෙම වසංගතයෙන් ජීවිත අහිමි වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *