අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි

චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිරවී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි.
දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙරටට පැමිණි අතර ඔහු මෙ රටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුව ය.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හමුව පිළිබඳව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදභාවයෙන් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කරන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණ.

ස්වෛරී සහ ආරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා අපගේ කැපවීම යළි තහවුරු කිරීමට පොම්පෙඕ ලේකම්තුමා ගුණවර්ධන විදේශ ඇමතුතිතුමා හමු වූ බවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් සියල්ලටම තිරසාර හා සියළුදෙනා ඇතුළත් වර්ධනයක් සහතික කෙරෙන සෞඛ්‍ය, මානුෂීය හා ආර්ථික කරුණු පිළිබඳව නොකඩවා සහයෝගයෙන් ක්‍රියා කරන බවත් මෙම හමුව සම්බන්ධයෙන් ඇමෙරිකා තනාපති කාර්යාලයේ නිල ට්විටර් අඩවිය සඳහන් කර තිබේ.
