රනිල්ගෙන් හරස් ප්‍රශ්න අහන්න අනුර කුමාර ජනපති කොමිසමෙන් අවසර ඉල්ලයි

"මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩිවීම සඳහා ජනවරමක් නැ"- අනුර රනිල්ට
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා (24) පස්වරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේ ය.
දිසානායක මහතා සඳහන් කළේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ව්‍යාකූල බවයි.
අදාළ කැබිනට් පත්‍රිකාවට තමාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට කැඳවා ඒ පිළිබඳ විමසීම වඩා උචිත බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට තමාටත් අවස්ථාවක් ලබා දෙන්නැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළේ ය.