අනුරාධපුරෙන් සොයාගත් දුර්ලභ ගණයේ (Albinism) පිඹුරෙක්!

ශ්‍රී ලංකාවෙන් සොයාගත් දුර්ලභ ගණයේ පිඹුරෙක්!
අනුරාධපුර, ගලෙන්බිඳුනුවැව, දුටුවැව ප්රදේශයේදී අවතැන්ව සිටි ඇලි පිඹුරෙකු (සාමාන්ය පිඹුරෙකුගේ ඇලි අවස්ථාව) රිටිගල අඩවියේ වනජීවී නිලධාරීන් විසින් තම භාරයට ගනු ලැබු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ.
මෙම සත්ත්වයා සම්බන්ධව වැඩිදුර තොරතුරු පරික්ෂා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. සමෙහි වර්ණක නොමැති තත්ත්වයක් “ඇලි“ බව (Albinism) ලෙස හඳුන්වනු ලබනවා.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුල නොයෙකුත් මතවාද එක්කර තිබුනද සාර්ථක ලෙස වනජීවි සංරක්ෂණ නිළධාරීන් විසින් මිදවාගනු ලැබින.
මෙම තත්ත්වය මත, එම පිඹුරා පිළිබඳ වැඩි විස්තර එක්රැස් කිරීමට උත්සාහ කරන බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
