දොස්තර ෂාෆි වඳ සැත්කම් කළ අම්මලාට දරුවන් ලැබිලා

dr.shafi

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මව්වරුන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් සිදුකරන බවට චෝදනාවට ලක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි නම් වෛද්‍යවරයා තමන්ට වඳ සැත්කම් කළ බවට පොලිසියට පැමිණිලි කළ මව්වරුන් ගණනාවකට මේ වනවිට දරුඵල ලැබී තිබේ.

මෙසේ පැමිණිලි කළ මව්වරුන් ගණන 800කට වැඩි වන අතර ඔවුන්ගෙන් 268ක් පමණ ඉදිරිපත් කරන ද පැමිණිලි පිළිබඳව පොලිසිය මේ වනවිට විමර්ශණ සිදු කොට තිබේ.

මෙම මව්වරුන් 268 දෙනා අතරින් මව්වරුන් දස දෙනකුට පමණ මෙසේ දරුවන් ලැබී ඇති බව එහිදී පොලිසියට පවසා ඇති එම මව්වරුන් මේ පිළිබඳව ඉදිරි විමර්ශණ කටයුතු අනවශ්‍ය බව ප්‍රකාශ කොට ඇති බව සැලවේ.

තවත් පැමිණිලි 650කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව විමර්ශණය කිරීමට ඇති අතර ඔවුන් අතරින්ද මව්වරුන් ගණනාවකට දරුවන් ලැබී ඇති බව ද නිල නොවන මට්ටමින් වාර්තා වී ඇත.

– lankasara

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *