මිනුවන්ගොඩ පොකුරෙන් හමුවන ආසාදිතයින්ගේ වෛරස් සාන්ද්‍රණය වැඩියි – වසංගත රෝග විද්‍යා අංශය

ගඳ, සුවඳ, රස දැනෙන්නේ නැත්නම් කොරෝනාදැයි සැක කළ හැකි - වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මිනුවන්ගොඩ පොකුරෙන් හමුවන ආසාදිතයින්ගේ වෛරස ප්‍රමාණය (සාන්ද්‍රණය) වැඩි බවය.
“මෙරටින් මීට පෙර හමු වූ කොවිඩ් පොකුරුවල PCR පරීක්ෂණ සිදු කිරීමේදී ඔවුන්ගේ තිබුණු වෛරස් ප්‍රමාණය තිබුණේ පහළ මට්ටමක. නමුත් මෙතනදී හමුවන රෝගීන්ගේ වෛරස් ප්‍රමාණය වැඩියි. එතන තියෙන අවධානම තමයි මේ වෛරස් ප්‍රමාණය වැඩි නම් තවත් කෙනෙකුට පැතිරෙන්න තියෙන අවධානමත් වැඩිවීමයි.
බස් එකේ ගිහින් තවත් අයට බෝ වුණාද කියන එක අපි දන්නේ නැහැ.” යැයි එහිදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසී ය.