හූදී කැරලිකරුවන්ගෙන් සවුදියට ප්‍රහාරයක්

Yemen's Houthis say Saudi oil facility hit in overnight attack
සවුදි අරාබියේ ජිසාන් නගරයේ පිහිටි කර්මාන්ත සංකීර්ණයක පිහිටි විශාල තෙල් සැපයුම් මධ්‍යස්ථානයකට රාත්‍රියේදී ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූදී කැරලිකරුවෝ පවසති.
එනමුත් මිසයිල හතරක් අතරමඟදී විනාශ කොට හූදී කැරලිකරුවන් විසින් සවුදි රාජ්‍ය දෙසට යොමු කර තිබූ බෝම්බ ඇටවූ ඩේරා්න හයක්ද විනාශ කළ බව සවුදි අරාබියේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන හමුදා සන්ධානය පවසයි.
යේමනයේ අගනුවර වන ඝානා සිට මෙම මිසයිල හා ඩේරා්න දියත් කර ඇත්තේ සිවිල් ජනතාව ඉලක්ක කොටගෙන බවද හමුදා සන්ධානයේ ප්‍රකාශක ටුර්කි අල් _ මල්කි සවුදි පුවත් ඒජන්සියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.
තමන් එල්ල කළ ප්‍රහාරයෙන් සවුදි අරාබියේ ඉහළ නිල හොබවන හමුදා නිලධාරීන් ගණනාවක්ද තුවාල ලබා හෝ මියගොස් ඇති බව මේ අතර හූදී කැරලිකරුවෝ පවසති.
-mawbima and aljazeera-