ඊශ්‍රායලයේ ඵෙෙතිහාසික මුස්ලිම් පල්ලියක් බාර් එකක් හා උත්සව ශාලාවක් බවට පරිවර්තනය කරයි..

Israel converts historical mosque into a bar and events hall
ඊශ්‍රායල් මහ නගර සභාවක් වන සෆෙඩ් හි අල්-අහ්මර් පල්ලිය බාර් එකක් හා උත්සව ශාලාවක් බවට පත් කර ඇති බවට අල්-කුඩ්ස් අල්-අරාබි ප්‍රවෘත්ති සේවය ඊයේ වාර්තා කළේය.
1948 දී යුදෙව්වන් විසින් අත්පත් කරගත් අරාබි නගරයේ ඵෙෙතිහාසික මුස්ලිම් පල්ලිවලින් එකක් වන මෙය ප්‍රථමයෙන් යුදෙව් පාසලක් බවටත්, පසුව ලිකුඩ්ගේ මැතිවරණ ව්‍යාපාර මධ්‍යස්ථානයක් බවටත්,පසුව ඇඳුම් ගබඩාවක් බවටත්,අවසාන වශයෙන් NIGHT CLUB එකක් බවටත් පත්විය.
ඊශ්‍රායල මහ නගර සභාවට අනුබද්ධ සමාගමක් විසින් මුස්ලිම් පල්ලිය, බාර් සහ මංගල ශාලාවක් බවට පත් කළ බවට ලන්ඩන් නුවර පුවත්පතක් වාර්තා කළේය. අල්-අහ්මර් යන එම පල්ලියේ නම ඛාන් අල් අහ්මර් ලෙස වෙනස් කරන ලදි.
සෆෙඩ් සහ ටයිබීරියස් ඉස්ලාමීය අායතනයේ ලේකම් හයිර් තබාරි කියා සිටියේ ඉවත් කරන ලද පල්ලිය නැවත ලබා දෙන ලෙස ඉල්ලා නාසරෙත් අධිකරණයට ඔහු විසින් ගොනු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විසදුමක් ලැබෙනතුරු බලා සිටින බවයි.
එම පල්ලියේ ඉස්ලාමීය හිමිකම සනාථ කිරීම සඳහා ලිපි ලේඛන අමුණා ඇති බවටද ඔහු පැවසීය.මුස්ලිම් පල්ලිය උල්ලංඝනය කිරීම් වලින් බේරා ගැනීම සඳහා විවිධ දේශපාලන හා ජනප්‍රිය ආයතන තමාට වැඩි වැඩියෙන් සහයෝගය ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
1948 දී සෆෙඩ්හි වාසය කළ පලස්තීනුවන් 12,000 ක් තම නිවෙස්වලින් නෙරපා හරින ලදී. මුස්ලිම්වරුන්ගේ යාච්ඡාවන් හැර අන් සියල්ලටම මෙම පල්ලිය දැන් විවෘතව පවතින බව තබාරි පැවසීය.
-English : middleeastmonitor-