කොරෝනාවෙන් පසුතැවෙන ඉන්දීය ජනප්‍රිය නළු නිළියන්…

Popular Indian Actors And Actresses Repent Of Corona
ඉන්දීය ප්‍රවීණ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට, සොහොයුරාගේ බිරිඳට මෙන්ම දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම, අනුපම් ඛේර් P C R පරීක්ෂණයට මුහුණ දී තිබෙන අතර එයින් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.
කෙසේ වෙතත්, ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි එරට වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
මේ අතර බොලිවුඞ් සුපිරි නිළි අයිෂ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරාධ්‍යා බච්චන්ටද කොවිඞ්19 වෛරසය වැළඳී තිබෙන බව වාර්තා වූවා.
ඒ බච්චන් පවුලේ අනෙකුත් සාමාජිකයින් වන අමිතා බච්චන් සහ අභිෂේක් බච්චන් වෛරසය ආසාදනය වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය. මොවුන් දෙපළගේ ආසාදිනය තහවුරු වීමටත් සමඟ පවුලේ අනෙකුත් සාමාජිකයින් PCR පරීක්ෂණයට ලක්කෙරුණූ අතර එහිදී ඓශ්වර්යා බච්චන් හා ඇගේ දියණියට වෛරසය ආසාදනය තහවුරු වූණා.
මේ අතර අයිෂ්වර්යා රායි බච්චන්ගේ නැන්දණිය හා අභිෂේක් බච්චන්ගේ මව වන ජයා බච්චන් හට වෛරසය ආසාදනය වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්ථා කර සිටියේ.
-newsnow-