මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගනී

0
මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගනී

මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගනී

මියන්මාරයේ සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගනෙ සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනාද අද දින (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකින් මෙලෙස මෙම පිරිස මුදාව ගැණුනි.

අදාළ ශ්‍රී ලාංකිකයින් 15දෙනාගෙන් යුතු ලාංකිකයින් පිරිස අද පෙරවරුවේ මියන්මාර තායිලන්ත දේශසීමාවේ මියාවඩ් ප්‍රදේශයේ මීසෝට් හී දී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දී ඇත.

ඒ අනුව අදාළ කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මේ වනවිට මුදාගෙන අවසන් බව අමාත්‍යංශය සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com