ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සකස් කළ වාර්තාව එළි දැක්වේ

ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සකස් කළ වාර්තාව එළි දැක්වේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ විශ්වකාලාන්තර සමාලෝචන වාර්තාව (01) එළි දැක්වේ.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ, ජිනීවා නුවරදී මෙම වාර්තාව එළි දැක්වෙන බවයි.
2017 සිට මේ දක්වා මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත්ය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ලක් රජය ස්වේච්ඡාවෙන් එකඟ වූ කරුණු මෙන්ම මානව හිමිනම් කවුන්සිලය ලබා දී ඇති උපමාන ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන්ද (01) එළිදැක්වෙන වාර්තාවේ කරුණු ඇතුළත් බවයි.
වාර්තාව එළිදැක්වෙන අවස්ථාවේදී මෙරට වෙනුවෙන් කරුණු දැක්වීමට නිලධාරීන් පිරිසක් මේ වනවිට ජිනීවා වෙත ගොස් ඇත.
ඊට විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළත් වේ.