(VIDEO) බසයට ගොඩවූ නාලක ගොඩහේවා, ජනතා විරෝධය මැද බැසයයි

කොළඹ දක්වා පැමිණෙන බස් රථ මැනිං වෙළඳපොළ හරහා ධාවනය කරවීම ආරම්භ කරමින් එම බස් රථවලට ගොඩවැදුණු නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාට එම බස් රථවල සිටි ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය මැද බස් රථයෙන් බැස යාමට සිදුව ඇතැයි වාර්තා වේ.
තමන්ට ගමන්තය දක්වා යාමට පරක්කු වන බවත් තමන්ගේ කාලය නාස්ති නොකරන බස් රථයෙන් බැස යන ලෙසත් මගී ජනතාව රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාගේ මුහුණටම විරෝධය දක්වා තිබේ.