Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ වතු ඉඩම්වල සහ දේපළවල ආයෝජනය කිරීමට අවස්ථාවක්

රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ඌණ උපයෝජිත ඉඩම් හඳුනාගෙන, ඒ්වා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුවය.

ඒ අනුව අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලා සමාගම යන ආයතන සතු ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජිකයින්ගේද අභිලාෂ ප්‍රකාශ කිරීම් මේ වනවිටත් කැඳවා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

ආයෝජන ඉඩම් ප්‍රමාණයන් කාණ්ඩ 5ක් යට‌තේ වර්ග කර තිබේ.

Exit mobile version