මෙරට උද්ධමනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් පුරෝකථනයක්

0
මෙරට උද්ධමනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් පුරෝකථනයක්

මෙරට උද්ධමනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් පුරෝකථනයක්

මෙරට උද්ධමනය 2025 වසරේ පැවැති -0.5 මට්ටමේ සිට 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ.

එම බැංකුව විසින් අද (10) දින ප්‍රකාශයට පත් කරන ලද Asian Development Outlook (ADO) April 2026 වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ඇති බවත් එම බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව විදෙස් ප්‍රේෂණ පැමිණීම අඩුවීම, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරයට ඇති වන බාධා ද උද්ධමනය ඉහළ යාමට බලපානු ඇති බවත් මේ හේතුවෙන් ගෘහස්ථ ආදායම් සහ බාහිර ආරක්ෂණ මත බර පැටවෙනු ඇති බවත් පෙන්වාදී ඇති ආසියානු සංවර්ධන බැංකුව අදාළ වාර්තාව තුළින් සඳහන් කර ඇත්තේ ඒ තුළින් ආර්ථික වර්ධනයට බාධා ඇති විය හැකි බවය.

එමෙන්ම 2024 සහ 2025 වසරවලදී අඛණ්ඩව අත්පත් කරගනු ලැබූ 5.0ක ශක්තිමත් වර්ධනයෙන් පසු 2026 වසරේදී මෙරට ආර්ථිකය 4.0%ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com