2025දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වර්ධනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

0
2025දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වර්ධනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

2025දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වර්ධනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

Freedom House ආයතනය විසින් නිකුත් කළ “Freedom in the World 2026” වාර්තාවට අනුව, 2025 වසරේ දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස සම්බන්ධයෙන් දියුණුවක් වාර්තා කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇති අතර, ලකුණු 100 දර්ශකය තුළ ලකුණු පහක වර්ධනයක් ලබා “අර්ධ නිදහස්” රටක් ලෙස වර්ගීකරණය වී තිබේ.

ලොව පුරා නිදහස අඛණ්ඩව පිරිහෙමින් පවතින පසුබිමක මෙය විශේෂත්වයක් ලෙස සැලකෙන අතර, 2025 වසරේදී රටවල් 54ක නිදහස පිරිහී තිබූ අතර දියුණුවක් වාර්තා වී ඇත්තේ රටවල් 35ක පමණි.

ශ්‍රී ලංකාව සිරියාව, බොලිවියාව, ගැබොන්, ෆීජි සහ මලාවි වැනි රටවල් සමඟ වැඩිම වර්ධනයක් පෙන්නුම් කළ රටවල් අතරටද එක්ව ඇති අතර, එයට ප්‍රතිවිරුද්ධව ගිනි-බිසාව්, ටැන්සානියාව, බුර්කිනා ෆාසෝ, එල් සැල්වදෝරය සහ මැඩගස්කරය වැනි රටවල දේශපාලන අර්බුද සහ විරුද්ධ මත මර්දනය හේතුවෙන් නිදහස බරපතළ ලෙස සීමා වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

සමස්ත වශයෙන් ගෝලීය නිදහස පිරිහීම ලෝක ජනගහනයෙන් සියයට 40කට වඩා වැඩි පිරිසකට බලපා ඇති අතර, එය ඒකාධිපති පාලනවල බලපෑමක් ලෙස හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත්, 2024 ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව අඛණ්ඩ ප්‍රගතියක් පෙන්නුම් කරමින් දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග සහ ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් මෙම වර්ධනය ලැබී ඇති බවද වාර්තාව අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com