ලබන බ්‍රහස්පතින්දා සිට උතුරු දුම්රිය මාර්ගය යළි විවෘතයි

0
ලබන බ්‍රහස්පතින්දා සිට උතුරු දුම්රිය මාර්ගය යළි විවෘතයි

ලබන බ්‍රහස්පතින්දා සිට උතුරු දුම්රිය මාර්ගය යළි විවෘතයි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යාපනය සහ කංකසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ලබන බ්‍රහස්පතින්දා ආරම්භ කෙරෙනවා.

යාපනය නගරාන්තර දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය බ්‍රහස්පතින්දා සිටත් යාල් දේවී දුම්රිය ලබන සිකුරාදා සිටත් දිනපතා ධාවනයටයි සැලසුම්කර තිබෙන්නේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14කට දැඩි ලෙස හානි සිදුවුණා.

එම ස්ථාන තාවකාලිකව පිළිසකර කිරීමෙන් පසු දුම්රිය ධාවනය සිදුකළද කොළඹ කොටුව/ යාපනය දුම්රිය ධාවනය කෙරුණේ අඩුවේග සිමා යටතේයි.

විනාශයට පත් දුම්රිය මාර්ගයේ සියලු ස්ථාන ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කෙරුණේ ඉන්දීය රජයේ ප්‍රදානයක් මත ලැබුණු ඩොලර් මිලියන 5ක් වැයකරමින්.

මහව ඕමන්තේ මාර්ගය නවීකරණයට අදාළව පාලම් 5ක් සහ කාසි කොටේ අලි උමගේ සියලු ප්‍රතිසංස්කරණ අවසන් කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය ලබන බ්‍රහස්පතින්දා සිට යළි සිදුකිරීමට කටයුතු යොදා තිබේ .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com