අලුත් අවුරුදු සමයේ අන්තර්ජාල වංචා ඉහළට – පොලීසිය

0
අලුත් අවුරුදු සමයේ අන්තර්ජාල වංචා ඉහළට – පොලීසිය

අලුත් අවුරුදු සමයේ අන්තර්ජාල වංචා ඉහළට – පොලීසිය

අලුත් අවුරුදු සමයේ භාණ්ඩ මිලදී ගැනීම සහ ගෙවීම් කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීමේදී ජනතාවගේ මුදල් හා පුද්ගලික තොරතුරු වංචනිකව ලබාගැනීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් මෙවැනි ගනුදෙනු සිදු කරන විට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

ආර්ථික අපහසුතා සහ ක්ෂණික ලාභ අපේක්ෂාව හේතුවෙන් ඇතැම් පුද්ගලයින් මෙවැනි වංචනික ක්‍රියාකාරකම්වලට යොමුවීමේ ප්‍රවණතාවද වැඩි වී ඇති අතර, පසුගිය වසරවලදී පොලිස් ස්ථාන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

වංචාසහගත දැන්වීම්, වංචනික සබැඳි, ව්‍යාජ වෙළඳ වෙබ් අඩවි සහ ව්‍යාජ බැංකු දීමනා වැනි ක්‍රම භාවිතා කරමින් මෙම වංචා සිදු කරන අතර, ජනතාව තුළ විශ්වාසයක් ඇති කර ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන බැවින් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස පොලීසිය අවවාද කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com