සයිලන්සර් තුළ සඟවා, කෝටි 25ක ‘කුෂ්’ ගෙනා පුද්ගලයෙකු රේගු භාරයට
සයිලන්සර් තුළ සඟවා, කෝටි 25ක 'කුෂ්' ගෙනා පුද්ගලයෙකු රේගු භාරයට
රුපියල් විසි පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ සැකකරුවෙකු රේගු භාරයට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04ක් තුළ තිබූ, සයිලන්සර් 16ක් තුළ, මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සූක්ෂමව ඇසුරා තිබියදී සොයා ගැණින.
එහි බර කිලෝ ග්‍රෑම් 25 ග්‍රෑම් 500ක්.
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති බව රේගුව ප්‍රකාශ කළේය.




