නුවන් තුෂාර IPL යන්න ඉල්ලා අධිකරණයට
නුවන් තුෂාර IPL යන්න ඉල්ලා අධිකරණයට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගිවීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පැමිණිල්ල ඊයේ (02) අධිකරණය හමුවේ කැඳවනු ලැබිය.
එහිදී අදාළ පැමිණිල්ල කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස 09 වනදා කැඳවීමට නියම කළ අධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා නම් කර තිබෙන බවට වාර්තාවනවා.




