ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හී ප්‍රමිතිය නගාසිටුවීමට විද්වත් කමිටුවක්

0
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හී ප්‍රමිතිය නගාසිටුවීමට විද්වත් කමිටුවක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හී ප්‍රමිතිය නගාසිටුවීමට විද්වත් කමිටුවක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හී ප්‍රමිතිය නගාසිටුවීම සහ ප්‍රතිසංවිධානය සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබේ.

කමිටුව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා සභාපතිත්වය දරන අතර, සෙසු සාමාජිකයින් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම්, යාපනය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන්, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන පරිදි යටිතල පහසුකම් ඇතුළු සිසු සුබසාධනය වර්ධනය කරමින් එහි පාලන කටයුතු, තිරසාරභාවය, ඉගෙනුම් පරිසරය හා ඇගයීම් ක්‍රමවේදය, ආචාර්යවරුන් සහ සිසුන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය වැනි සාධක වැඩිදියුණු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතය.

මෙම කමිටු සාමාජිකයින් (02) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශ පරිශයේදී අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවකද නිරත විය.

එහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ රජයේ අපේක්ෂිත අධ්‍යාපන පරිවර්තන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවකින් සහ නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතු බවය.

පාසල් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය ගුරුවරුන් බිහි කරමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අතිශය වැදගත් මෙහෙවරක් ඉටු කරන බවත් එබැවින් ඉහළ පෙළේ ගුරුවරුන් බිහි කරන ස්ථානයක් බවට එම ආයතනයන් අනාගතයේදී පත් කිරීම සඳහා විද්‍යාපීඨයන්හි සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන පරිදි පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් මෙම පත් කරන ලද කමිටුව විසින් සිදු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

තවද මේ සඳහා අවබෝධයක් ලබා ගැනීම සඳහා කමිටු සාමාජිකයින් විසින් සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් නිරීක්ෂණය කළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, එම නිරීක්ෂණ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම ද සිදු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com