ඉන්දියාවේ ඩීසල් අපනයනය ඉහළට

0
ඉන්දියාවේ ඩීසල් අපනයනය ඉහළට

ඉන්දියාවේ ඩීසල් අපනයනය ඉහළට

ඉන්දියාවේ පිරිපහදු කළ ඩීසල් අපනයනය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මාර්තු මාසයේදී ඉන්දියාව සිදුකළ ඩීසල් අපනයනය වසර හතකට වැඩි කාලයකින් පසු ඉහළම අගයට පැමිණ ඇති බවය.

මැදපෙරදිග බොරතෙල් සැපයුමට යුද්ධය හේතුවෙන් එල්ලවූ බාධා සහ පිරිපහදු කළ ඉන්ධන අපනයනය සම්බන්ධයෙන් චීනය පනවා ඇති සීමා හමුවේ, ගිනිකොනදිග ආසියාව සහ ඔස්ට්‍රේලියාව ඉන්දියානු සැපයුම් ලබා ගැනීමට පෙළඹී ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන ඇණවුම් සම්බන්ධයෙන් විකල්ප සොයමින් සිටි ඔස්ට්‍රේලියාව ඇතුළු ආසියාවේ අනෙකුත් රටවලට ඉන්දියානු ඉන්ධන වඩාත් සහනයක් වී ඇති බවද පැවසෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com