අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 512ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 512ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුම් මාලාව යටතේ පුද්ගලයින් 512ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (02) දිනයේදී සිදුකරනු ලැබූ මෙම සෝදිසි මෙහෙයුම් මාලාව අනුව පුද්ගලයින් 29,033ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මෙහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 10 දෙනෙකුද හඳුනාගෙන ඇති බවය.
එමෙන්ම වරෙන්තුකරුවන් 222ක් සහ විවෘත වරෙන්තුකරුවන් 136 දෙනෙකුද පොලීසිය විසින් අදාළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මෙම සෝදිසි මෙහෙයුම් යටතේ බීමත්ව රිය පැදවීම් යටතේ පුද්ගලයින් 115 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තවද අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 110ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,498කට නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ.




