රිය අනතුරුවල වැඩිවීමක් – පොලීසිය

0
රිය අනතුරුවල වැඩිවීමක් - පොලීසිය

රිය අනතුරුවල වැඩිවීමක් - පොලීසිය

පසුගිය වසරට සාපෙක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසුවේ යතුරුපැදිකරුවන් සහ පසු පැදිකරුවන් වැඩි ප්‍රමාණයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

පසුගිය වසරේ දත්ත දෙස සලකා බැලීමේ දී 31%ක් මිය ගොස් ඇත්තේ මාර්ගයේ ගමන් කරන මගී ජනතාව වන බවද එහිදී ඔහු සඳහන් කර සිටියේය.

ඒ අනුවේ මෙම වසරේ දත්තවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ විශේෂයෙන් මාර්ගයේ ගමන් කරන ජනතාව ආචාර්ය ධර්ම අනුව කටයුතු කිරීමෙන් මෙම අනතුරු අවම කර ගැනීමේ හැකියාව පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා,

”පාරේ දකුණු පැත්තෙන් යන්න.. අවධානයෙන් යන්න. ටෙලිෆොන් එකෙන් කතා කර කර යන්න එපා.. පාර පයින අවස්ථාවේ දීත් විමසිල්ලෙන් පාර පයින්න.. ඒ වගේම රියදුරන්ට කියන්නේ.. විශේෂයෙන්ම අපි මත්ද්‍රව්‍ය පරීක්ෂණ තීව්‍ර කරලා තියෙනවා.. බීමත් රියදුරන් හොයන පරීක්ෂණ තීව්‍ර කරලා තියෙනවා.. සමාජයේ ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙනවා මේ අනතුරු සහ අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන්.. ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com