ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කරයි.
ඉරානය අවධාරණය කර ඇත්තේ අදාළ බෝම්බ ප්‍රහාරය අමෙරිකාව විසින් වහාම හෙළා දැකිය යුතු බවයි.
එසේ නොවන්නේ නම්, ඉරානයේ දැඩි පළිගැනීමේ මෙහෙයුම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත.





