භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම් – වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ

0
භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම් - වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ

භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම් - වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ

එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඊයේ (20) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදීගැනීමට හැකි බවය.

සතොසින් වට්ටම් ලැබෙන ආහාර ද්‍රව්‍ය කිහිපයක කිලෝවක මිල ගණන්

සුදු නාඩු – රු. 217
සුදු කැකුළු – රු. 203
පාන් පිටි – රු. 254
හාල්මැස්සෝ – රු. 1,050
පරිප්පු – රු. 264
බී ලූනු – රු. 150 – 160 අතර

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන බවය. ඒ අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට මිස ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි.

මේ අතර සතොසින් රු.2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

“රු.2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම කෙනෙක්ටම කූපන් පතක් ලැබෙනවා ලොතරැයි දිනුම් ඇඳීමකට.

එනිසා සතොසට ආවොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන්. රු.2500කට වැඩියෙන් භාණ්ඩ ගන්න, වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න” යැයි පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com