ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක්

0
ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක්

ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක්

ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල්වලට ඉදිරි දින කිහිපයේදී අධික වර්ෂාපතයත් සමඟ කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ බලධාරීන් අනාවැකි පල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රටවල ඇතැම් ප්‍රදේශවල අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් නිර්මාණය වෙමින් පවතින බවය.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය හරහා කිලෝමීටර් 1000ක වැසි කලාපයක් නිර්මාණය වෙමින් පවතින අතර ඉන්දියාව අවට වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර ඇත.

මේ හේතුවෙන් ඉන්දියායේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සහ පැයට කිලෝමීටර් 40ත් 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බව සඳහන් වේ.

එමෙන්ම අධික වර්ෂාපතනයත් සමඟ හිමපතනයන්ද වාර්තා විය හැකි බව ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com