නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
බලපත්‍රයක් රහිතව නීතිවිරෝධී අයුරින් පෙට්‍රල් ලීටර් 604ක් රැස්කරගෙන සිටි ව්‍යාපරිකයෙකු (18) පොළොන්නරුව මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 70 හැවිරිදි සිල්ලර වෙෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙකු බව පොලීසිය සඳහන් කරනවා.
මැදිරිගිරිය මීගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර සැකකරු විසින් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් තොග රැස්කරගෙන ඇති බව සඳහන් වනවා.
පෙට්‍රල් හිඟ අවස්ථාවලදී වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන තොග රැස්කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
සැකකරු ඊයේ (19) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




