සුළි කුණාටුවෙන් හානිවූ රට ගොඩනඟන්න ADBයෙන් වසරකට ඩො.බිලියනය බැගින්

0
සුළි කුණාටුවෙන් හානිවූ රට ගොඩනඟන්න ADBයෙන් වසරකට ඩො.බිලියනය බැගින්

සුළි කුණාටුවෙන් හානිවූ රට ගොඩනඟන්න ADBයෙන් වසරකට ඩො.බිලියනය බැගින්

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් හානි­යට පත් ශ්‍රී ලංකාවේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු වෙනු­වෙන් මේ වසරේ (2026) සිට එළ­ඹෙන 2029 වර්ෂය දක්වා වාර්ෂි­කව අමෙ­රි­කානු ඩොලර් බිලි­ය­නය බැගින් ලබා­දී­මට ආසි­යානු සංව­ර්ධන බැංකුව තීර­ණය කර තිබේ.

මෙම අර­මු­දල් සාර්ව ආර්ථික ස්ථායී­තාව, පෞද්ග­ලික අංශය මූලික කර­ගත් වර්ධ­නය, අධ්‍යා­ප­නය සහ ඩිජි­ටල් ආර්ථි­කය දියුණු කිරීම සඳහා ලබා­දෙන බව ආසි­යානු සංව­ර්ධන බැංකුවේ සභා­පති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කරයි. පිලි­පී­නයේ මැනිලා නුවර පිහිටි ආසි­යානු සංව­ර්ධන බැංකු මූල­ස්ථා­න­යේදී අග­මැ­ති­නිය හා පසු­ගි­යදා පැවැති හමු­වේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ (ADB) සභා­පති මසාටෝ කන්දා මහතා සහ අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය අතර පැවති මෙම සාක­ච්ඡා­වේදී දෙපා­ර්ශ්ව­යම ශ්‍රී ලංකාවේ පශ්චාත් සුළි කුණාටු ප්‍රති­සා­ධන කට­යුතු, ඇතු­ළත් කර­ගත් ආර්ථික වර්ධ­නය සහ කාන්තා සමා­නා­ත්ම­තාව ඉදි­රි­යට ගෙන යෑම සඳහා වන කැප­වීම යළි තහ­වුරු කර ඇත.

‘දිට්වා’ (Ditwah) සුළි කුණා­ටු­වෙන් සිදුවූ විනා­ශ­යට ප්‍රති­චාර වශ­යෙන්, හානි­යට පත් යටි­තල පහ­සු­කම් යථා තත්ත්ව­යට පත් කිරී­මට සහ පීඩා­වට පත් ජීව­නෝ­පා­යන් සඳහා සහය වීමට ආසි­යානු සංව­ර්ධන බැංකුව හදිසි ආධා­ර­යක් කඩි­න­මින් ලබා­දී­මට පිය­වර ගෙන තිබේ.

2026 සිට 2029 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා­වට වාර්ෂි­කව අමෙ­රි­කානු ඩොලර් බිලි­ය­න­ය­කට වඩා වැඩි මූල්‍ය ආධාර සැප­යී­මට ආසි­යානු සංව­ර්ධන බැංකුව සූදා­න­මින් සිටින අතර මෙම අර­මු­දල් අංශ කිහි­ප­යක ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු වෙනු­වෙන් යොදා­ගැ­නී­මට නිය­මි­තය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com