අල්ලස් චෝදනා මත රාජ්‍ය නිලධාරීන් 3න් දෙනෙකු අත්අඩංගුවට

0
අල්ලස් චෝදනා මත රාජ්‍ය නිලධාරීන් 3ක් අත්අඩංගුවට

අල්ලස් චෝදනා මත රාජ්‍ය නිලධාරීන් 3ක් අත්අඩංගුවට

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිණි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ අංශ භාර ගිණි නිවන නිලධාරියෙකු සහ ගිණි භටයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කන්තලේ නගර මධ්‍යයේ පිහිටි සංචාරක අවන්හලක් වෙත 2026 වර්ෂය සදහා ගිණි ආරක්ෂණ සහතිකය ලබා දීම සඳහා අල්ලස් ලෙස මුදලින් රුපියල් 40,000ක් ඉල්ලා එකී මුදල රුපියල් 35,000දක්වා අඩු කර, එයින් රුපියල් 10,000ක මුදලක් බැංකු ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 25,000, මුදලින් රුපියල් 20,000ක මුදලක් ලෙස ඉල්ලා ලබා ගැනීම හා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිණි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ අංශ භාර ගිණි නිවන නිලධාරියෙකු (ස්ථානභාර නිලධාරී) සහ ගිණි නිවන භටයෙකු පසුගිය 11වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාව මත ප්‍රජා විශෝධන නිලධාරියෙකු වලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ච සදහන් වේ.

වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවරන ලද නඩුවකට දඩුවම් වශයෙන් පැවය 200ක කාලයක් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසට කළ නියෝජගයට අනුව එසේ ප්‍රජා සේවයේ නිසියාකාරව නොයොදන බව පවසා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබා ගත හැකි බවත්, එසේ වරෙන්තු නොගෙන සිටීම වෙනුවෙන් රුපියල් 10,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරියෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com