ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් – ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය

0
ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් - ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය

ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් - ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය

ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයන් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය මාටින් ෆිස්ටර් ‘Martin Pfister’ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

“ඉරානයට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලයේ මතයයි,” යනුවෙන් ස්විස්ටර්ලන්ත කැබිනට් මණ්ඩලය උපුටා දක්වමින් ෆිස්ටර් එරට පුවත් පතකට පවසා ඇති බව සඳහන් වේ.

සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා වහාම සටන් නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබේ.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමේ නීතිය කඩ කරන අමෙරිකාව, ඊශ්‍රායලය මෙන්ම ඉරානයද යන සියලු රටවල් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවය.

ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම අදහස්වලට සමාන අදහසක් ජර්මානු උප චාන්සලර් සහ මුදල් අමාත්‍ය ලාර්ස් ක්ලින්බයිල් ‘Lars Klingbeil’ විසින්ද ප්‍රකාශ කර ඇත.

“මෙම යුද්ධයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව මට බරපතළ සැකයක් පවතිනවා. මෙය අපේ යුද්ධයක් නොවෙයි, අපි මීට සහභාගී වන්නේ නැහැ,” “නීති රීති නොමැති, ශක්තිවන්තයාගේ නීතිය පමණක් ක්‍රියාත්මක වන ලෝකයක ජීවත් වීමට අපට අවශ්‍ය නැහැ.”යනුවෙන් ක්ලින්බයිල් පවසා තිබේ.

ස්පාඤ්ඤයද අමෙරිකානු සහ ඊශ්‍රායල විසින් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නීති විරෝධී ක්‍රියාවන් ලෙස හෙළා දැක ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com