අමෙරිකාවේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ක්‍රිස්ටි නොඑම් ධුරයෙන් ඉවත් කරනවා- ට්‍රම්ප්

0
අමෙරිකාවේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ක්‍රිස්ටි නොඑම් ධුරයෙන් ඉවත් කරනවා- ට්‍රම්ප්

අමෙරිකාවේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ක්‍රිස්ටි නොඑම් ධුරයෙන් ඉවත් කරනවා- ට්‍රම්ප්

අමෙරිකාවේ ස්වදේශ කටයුතු පිලිබඳ ලේකම් Kristi Noem (ක්‍රිස්ටි නොඑම්) ධුරයෙන් ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේදී කැබිනට් තනතුරක් අහිමි වූ පළමු ලේකම් ඇයය.

මේ මස අවසානයේදී, ඔක්ලහෝමා ප්‍රාන්තයේ සෙනෙට් සභික “මාර්ක්වේන් මලින්”, නව ස්වදේශ කටයුතු ලේකම්වරයා ලෙස පත්වන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරන ලදි.

ක්‍රිස්ටි නොඑම් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මූලික වී කටයුතු කළ අයෙක්.

ඇයව හදිසියේම ධුරයෙන් ඉවත් කිරීමට හේතුවක් අමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් නොකළද පසුගියදා ඇය මහජන මුදලින් ඩොලර් මිලියන 220ක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙළඳ දැන්වීම් සඳහා යොදවා ඇති බවට කරුණු අනාවරණය වුණි.

එම වෙළඳ දැන්වීම් වල පෙනී සිටියේද ක්‍රිස්ටි නොඑම් වීම විශේෂත්වයක්.

අදාල දැන්වීම් සදහා ඩොලර් මිලියන 220ක පමණ මුදලක් වැය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අවසර ලබාදුන් බව ඇය ප්‍රකාශ කළද, ට්‍රම්ප් සඳහන් කළේ එවැනි වියදමක් පිළිබඳව ඔහු නොදන්නා බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com