ශුද්ධෝත්තම පාප් වහන්සේට ජනපතිගෙන් ඇරයුම්
ශුද්ධෝත්තම පාප් වහන්සේට ජනපතිගෙන් ඇරයුම්
ශුද්ධ වූ 14වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබෙනවා.
ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (02) වතිකානයේදී රාජ්‍යයන් සමග සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමු වී මෙම නිල ආරාධනා පත්‍රය භාරදී තිබේ.





