මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6 දෙනෙක්ට අධි චෝදනා

0
මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දී තිබේ.

ඒ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ අනුව දැනට මහාධිකරණ ඇප මත නිදහස්ව සිටින හිටපු ඇමතිවරුන් දෙපළ ඇතුළු විත්තිකරුවන්ට ඊයේ (27) එම චෝදනාවන්ට අදාළව අධි චෝදනා භාරදීම සිදුවිය.

හිටපු අමාත්‍යවරුන්ට අමතරව මෙලෙස අධි චෝදනා භාර දී ඇති සෙසු විත්තිකරුවන් වනුයේ සරත් එදිරිසිංහ, අජිත් මිල්රෝයි, ජයන්ත කබ්බ්‍රාල්, නවීන් වීරකෝන් යන අයවලුන්ය.

මෙහිදී සියලු විත්තිකරුවන් ඇප මත මුදා හැරි ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය නඩුව නැවත මාර්තු මස 27 වැනි දින දක්වා කල් තැබීමටද නියෝග කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com