සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව එකඟ නම්, න්‍යෂ්ටික වැඩපිළිවෙලේ වෙනසක් කිරීමට සූදානම් – ඉරානය

0
සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව එකඟ නම්, න්‍යෂ්ටික වැඩපිළිවෙලේ වෙනසක් කිරීමට සූදානම් - ඉරානය

සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව එකඟ නම්, න්‍යෂ්ටික වැඩපිළිවෙලේ වෙනසක් කිරීමට සූදානම් - ඉරානය

පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කර, යුරේනියම් මුලද්‍රව්‍ය බලගැන්වීමට තමන්ට ඇති අයිතිය අමෙරිකාව පිළිගතහොත්, න්‍යෂ්ටික වැඩපිළිවෙලේ වෙනසක් සිදුකිරීමට සූදානම් බව ඉරානය පවසා තිබේ.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා අමෙරිකාවෙන් එල්ල විය හැකි හමුදා ප්‍රහාර වළක්වා ගැනීමට උත්සාහ කරන බවය.

මෙවැනි පසුබිමක එළැඹෙන බ්‍රහස්පතින්දා ඉරාන සහ අමෙරිකා නියෝජිතයින් තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා යළි ජීනිවා නුවරට රැස්වීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com