ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් වරුණ ශ්‍රී ධනපාල
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් වරුණ ශ්‍රී ධනපාල
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල පත් කර තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ය.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඒ මහතා වෙත භාර දුන්නේය.
ඒ ජනාධිපති කාර්යාලයේදීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කර තිබුණි.




