අල්ලස් කොමිසමෙන් පවරන නඩු අහන්න තවත් අධිකරණයක් – අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක

0
අල්ලස් කොමිසමෙන් පවරන නඩු අහන්න තවත් අධිකරණයක්; 2025 පැමිණිලිවලින් 40%ක විමර්ශන ආරම්භ කළා – අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක

අල්ලස් කොමිසමෙන් පවරන නඩු අහන්න තවත් අධිකරණයක්; 2025 පැමිණිලිවලින් 40%ක විමර්ශන ආරම්භ කළා – අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක

අල්ලස් කොමිසම විසින් පවරන නඩු විභාග කිරීම සඳහා ලබන සඳුදා සිට තවත් අධිකරණයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි, දූෂණ මර්දන ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳ සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පෞද්ගලික නාලිකාවක් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දී දැනුම් දී තිබේ.

ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කරමින් දක්වා සිටියේ අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන නඩු ඉතා ඉක්මණින් විභාග කිරීම සඳහා අධිකරණයක් පිහිටුවීමට කටයුතු කළ බවත්, තවත් අධිකරණ දෙකක් ඉදිරියේ දී පිහිටුවීමට කටයුතු කරන බවත්ය.

කෙසේ නමුත්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයේ (CPI) ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව රටවල් 14ක් අභිභවමින් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් කළ විමසීමක දී එම තත්ත්වයට හේතුව පසුගිය වසරේ දී ශ්‍රී ලංකා දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම, විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කිරීම, නිවාරණ වැඩසටහන් සංවිධානය කිරීම හා විශේෂයෙන් ම පුද්ගලයන්ගේ දූෂණය සම්බන්ධ ආකල්ප වෙනස් කිරීමට කටයුතු කිරීම බවයි රංග දිසානායක මහතා පෙන්වා දෙනු ලැබුවේ.

තවද, 2025 වසරේදී අල්ලස් කොමිසම වෙත පැමිණිලි 8000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, ඒ අතරින් සියල්ලම දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය කළ හැකි ඒවා නොවන බවත් සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ එම පැමිණිලිවලින් 40% කට ආසන්න සංඛ්‍යාවක විමර්ශන ආරම්භ කර ඇති බවයි.

විශේෂයෙන්ම මහා පරිමාණ දූෂණ සහ අවුරුදු ගණනාවක් පැරණී දූෂණ පැමිණිලි සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් එම නඩු ඉතා ඉක්මණින් පැවරීමට කටයුතු කරන බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙම ක්‍රියාවලිය හුදු අත්අඩංගුවට ගැනීමෙන්‌ හෝ නඩු පැවරීමෙන් පමණක් නවතාලිය නොහැකි බවත්, ඒ සඳහා සමස්ත ප්‍රජාව තුළම දූෂණය සම්බන්ධයෙන් වන ආකල්පමය වෙනසක් ඇති කළ යුතු ඔහු එහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

– what news

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com