අකුරේගොඩ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

0
අකුරේගොඩ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 10ක්

අකුරේගොඩ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 10ක්

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් යොදවා තිබෙනවා.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව සිකුරාදා (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණා.

පොලිසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බවයි.

ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.මෙලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com