රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

0
රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරයේ වීසා උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් ඔවුන් මෙම මුදල් වංචා කර ඇති බව එම කාර්යංශය සඳහන් කළේය.

සැකකරුවන් විසින් ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන ඔහුට පොරොන්දු වූ පරිදි එම රැකියා ලබා නොදුන් බවට කාර්යංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ආයතනයේ වැටලීමක් සිදුකර තිබු අතර එහිදි එම ආයතනය කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මෙම වංචනික ආයතනය පවත්වාගෙන ගිය ගම්පොල හා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසීය.

අදාළ ස්ථානයේ තිබී විදේශ රැකියා ගිවිසුම් 7ක්, විදේශ ගමන් බලපත්‍ර 5ක්, මුදල් කුවිතාන්සි පොත්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com